Jump to content

සමලිංගිකතාව

විකිපීඩියා වෙතින්


සමලිංගිකත්වය යනු එකම ලිංගයේ හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සාමාජිකයන් අතර ඇති ආදර ආකර්ෂණය, ලිංගික ආකර්ෂණය හෝ ලිංගික හැසිරීමයි. ලිංගික දිශානතියක් ලෙස, සමලිංගිකත්වය යනු එකම ලිංගයේ පුද්ගලයින් කෙරෙහි "චිත්තවේගීය, ආදර සහ / හෝ ලිංගික ආකර්ෂණයන්හි පවතින රටාවකි". එමෙන්ම එය "එම ආකර්ශන, ආශ්‍රිත හැසිරීම් සහ එම ආකර්ෂණයන් පවතින තවත් අය එකතුව ප්‍රජාවකට අයත්වීම මත පදනම් වූ පුද්ගලයෙකුගේ අනන්‍යතාව පිළිබඳ හැඟීමක් ද දක්වයි."[1][2]

ශ්‍රී ලංකාව[සංස්කරණය]

1886 දී සමපාදිත දණ්ඩ නීති සංග්‍රහය අනුව ලංකාව තුල සමලිංගික වර්‍යාවල නිරතවීම දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365Ą වගන්තීන්ට අනුව දඩුවම් ලැබියහැකි වරදකි.ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුව යම් පුද්ගලයතු ස්වකැමැත්තෙන් සම ලිංගික වර්‍යාවක හෝ එසෙත් නොමැතිනම් සතකු සමග හෝ අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික චර්යාවක යෙදේනම් වසර 10 සිර දඩුවමක් සහ දඩයකට යටත්විය යුතුය.බාල වයස්කරුවකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩසහිත වසර 10 නොඅඩු සිරදඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සමග දඩයකට යටත්විය යුතුය.එසෙම අපරාධයට යටත්වූ අයට අධිකරණයේ අභිමතය පරිදි නියමකල වන්දියක් ගෙවීමට සිදුවේ.

365A වගන්තිය අනුව යම් පිරිසක් ප්‍රසිද්ධ ස්ථානයක දී සමලිංගික වර්‍යාවල ස්ව කැමැත්තෙන් යෙදේනම් වසර 2 කට නොඅඩු සිර දඩුවමක් හා දඩයක් ගෙවීමට සිදුවේ.බාල වයස්කරුවකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩ සහිත වසර 10 සිර දඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සහිත දඩයක් හා අධිකරණයේ අභිමතය පරිදි වන්දියක් ගෙවීමට සිදුවේ.

මේ අනුව ශ්‍රී ලංකාව තුල සමලිංගික වර්‍යාවකට තම අභිමතය පරිදි අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික වර්‍යාවක යෙදීම දඩුවම් ලැබියහැකි වරදකි.[3]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.chped.com/w/index.php?title=සමලිංගිකතාව&oldid=680978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි