Jump to content

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාව
පුද්ගලයෝ
නායකයාධනංජය ද සිල්වා (ටෙස්ට්)
කුසල් මෙන්ඩිස් (එක්දින)
වනිදු හසරංග (T20I)
පුහුණුකරුක්‍රිස් සිල්වර්වුඩ්
ඉතිහාසය
ටෙස්ට් තත්ත්වය අත්පත්කරගත්තේ1982
ටෙස්ට් තරග
පළමුවන ටෙස්ට් තරගයඑංගලන්තයට එරෙහිව
කොලඹ දී
17–21 පෙබරවාරි 1982
එක්-දින ජාත්‍යන්තර
පළමුවන එදිජාකොදෙව්වන්ට එරෙහිව
මැන්චෙස්ටර් හිදී
7 ජූනි 1975
වි20 ජාතළුන්තර
පළමුවන වි20ජාඑංගලන්තයට එරෙහිව
සදම්ප්ටම් හිදී
15 ජූනි 2006

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යනු ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමයි. කණ්ඩායම ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියැලුනේ 1926-27 දී වන අතර, පසුව 1981 දී ටෙස්ට් තත්ත්වය පිරිනැමීමත් සමගම, ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රීඩාවෙහි නියැලෙන අටවන රට බවට පත් විය.

ශ්‍රී ලංකාව එහි අද්විතීය ක්‍රිකට් විලාසය සඳහා ප්‍රසිද්ධය, එය දක්ෂතාවය සහ සියුම් බව උපායශීලී නූස් සහ අනුවර්තනය වීමේ හැකියාව ඒකාබද්ධ කරයි. කණ්ඩායමේ උද්යෝගිමත් ක්‍රීඩා විලාසය සහ නව්‍ය උපක්‍රම නිසා එය අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන්ගෙන් වෙන් කොට ලොව පුරා බොහෝ රසිකයින් දිනා ඇත.

පූර්වයේ සිටි පීඩිත තත්ත්වයෙන් මිදී, 1990 ගණන් වලදී ප්‍රධාන ක්‍රිකට් දේශයක් බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවමින් 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනුමට සමත් වූ කණ්ඩායම, ලෝක ශූරයන් බවට පත් වූහ. එතැන් සිට, කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කරලියෙහි ප්‍රධාන බලවේගයක් බවට සන්තතිකව පැවතියහ. වර්ශාවෙන් බාධා පැමිණි 2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය ක්‍රීඩා කෙරුමට සුදුසුකම් ලැබුමට තරම් ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂයෝ වූහ.එමෙන්ම 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබීය.2012 20-20 ක්‍රිකට් ලෝක කුසලානය අවසන් තරගයටද සුදුසුකම් ලැබීය. 2014 20-20 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි.ඉන් පසු 2015 වසරේදී අර්ධ අවසන් පුර්ව වටයටද සුදුසුකම් ලැබිය.

ඉතිහාසය

1926-1927 වසරවලදී කොළඹ වික්ටෝරියා උද්‍යානයේ නොමෑඩ්ස් ක්‍රීඩාපිටියේදී MCC කණ්ඩායමට එරෙහිව ‘සිලෝන්’ (1972 වසරට පෙර අප රට හැඳින්වූයේ සිලෝන් යන නාමයෙනි) කණ්ඩායම ලෙස ප්‍රථම වරට තරඟ වැදුණි. එහිදී ‘සිලෝන්’ කණ්ඩායම ඉණිමක පරාජයක් ලැබීය. සිලෝන් කණ්ඩායම සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන්නේ 1932 – 1933 වසරවලදී පැටියල (Patiala) කණ්ඩායමට එරෙහිවයි. ඒ ඩ්රූව් ‘පැන්ඩෝව්’ ක්‍රීඩාංගනයේදී සිලෝන් කණ්ඩායම 1950 සිට එම්.ජේ. ගෝපාලන් කුසලානය සඳහා තරඟ වැදුණු අතර 1970 දී ‘සිලෝන්’ කණ්ඩායම ‘ශ්‍රී ලංකා’ ලෙස සිය නම වෙනස් කරනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකට සහභාගී වූයේ 1975 වර්ෂයේදීය. 1981 දී ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව ටෙස්ට් වරම් ලැබූ 8 වෙනි රට බවට ශ්‍රී ලංකාව පත් විය. ශ්‍රී ලංකාව අන්තිම දුර්වල තත්වයේ සිට 1990 වර්ෂයේ පමණ වන විට ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් බවට පත් විය. 1996 දී ලෝක කුසලාන තරඟා වලියට ඉදිරිපත් වී ප්‍රතිවාදී ඕස්ට්‍රේලියාව පරාජය කර ලෝක ශූරයින් බවට පත් වූහ. ඉන් පසු එළඹුනු වර්ෂ වලදි පසුබෑම් සහ සාර්ථකත්වයන්ට ඇතැම් විට මුහුණ දෙමින් ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටක් ලෙස ස්ථාවරය රැක ගත්තේය. 2007 ලෝක කුසලාන තරඟාවලියේදී කණ්ඩායම ඉතා හොඳින් ක්‍රිඩා කරමින් අවසාන මහා තරඟය දක්වා ළඟා වූයේය. වැස්සෙන් බාධා පැමිණුනු අන්තිම තරඟයේදී ඔව්හු ඕස්ට්‍රේලියාවට පරාජය වුවද අනුශූරතාවය දිනා ගත්හ. සනත් ජයසූරිගේ සහ අරවින්ද ද සිල්වාගේ පිති හරඹයද, මුත්තයියා මුරලි දරන් සහ චමින්ද වාස් දෙපළ ඉතා දක්ෂ අන්දමින් පන්දු යැවීමෙන් දැක්වූ සහයෝගයද පසු ගිය වර්ෂ 15 තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට විශේෂ දායකත්වයක් සැපයීය. එය පාලනය කරන ලද්දේ 'ශ්‍රී ලංකා ක්‍රිකට්' ආයතනය විසිනි.

ශ්‍රී ලංකාවේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින්

ශ්‍රී ලංකාව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් බිහිකර ඇත. ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 800ක් ලබාගත් සාර්ථකම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකේ. විශිෂ්ට ලෙස පන්දුව දඟ කැවීමට සහ කඩුලු ලබා ගැනීමට ඔහුට තිබූ හැකියාව අසමසම වූ අතර, ඔහු ලොව පුරා පිතිකරුවන්ට බියකරු සිහිනයක් බවට පත් කළේය. ඔහු 2019 දී ICC හෝල් ඔෆ් ෆේම් වෙත ඇතුළත් විය.

සනත් ජයසූරිය
සනත් ජයසූරිය

ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු මෙන්ම මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වූ කුමාර් සංගක්කාර ද ශක්තියක් විය. ඔහු ටෙස්ට් ලකුණු 12,000කට වඩා වැඩි ප්‍රමාණයක් සහ එක්දින තරඟවලදී ලකුණු 14,000කට වඩා රැස් කළ අතර, ඔහු ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් අතරට එක් විය. සංගක්කාර ඔහුගේ කාලයේ විශිෂ්ඨතම පිතිකරුවෙකු ලෙස සැලකෙන අතර ඔහු ICC Hall of Fame වෙත ඇතුළත් කර ඇත. මහේල ජයවර්ධන සහ සනත් ජයසූරිය ද ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළහ. ජයවර්ධන සැලකෙන්නේ ශ්‍රී ලංකාව 2007 ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා ගෙන ගිය විශිෂ්ටතම පිතිකරුවෙකු සහ නව්‍ය නායකයෙකු ලෙසය. අනෙක් අතට, ජයසූරිය, ඔහුගේ ආක්‍රමණශීලී පිතිකරණයෙන් ක්‍රීඩාවේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට ප්‍රසිද්ධ වූ අතර, නූතන එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ පුරෝගාමියෙකු බවට පත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන ඉනිම් කිහිපයක් ක්‍රීඩා කළ මැදපෙළ පිතිකරුවෙකු වන අරවින්ද ද සිල්වා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් සෑම ආකාරයකම ස්ථාවර දස්කම් දැක්වූ වමත් වේගපන්දු යවන්නෙකු වන චමින්ද වාස් ද විශිෂ්ටයන් ලෙස සැලකේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ICC Hall of Fame විශිෂ්ඨයන්

# ක්‍රීඩකයා පිරිනැමූ වර්ෂය සමුද්දේශ
1 මුත්තයියා මුරලිදරන් 2016 [1]
2 මහේල ජයවර්ධන 2021 [2]
3 කුමාර් සංගක්කාර 2021 [3]
4 අරවින්ද ද සිල්වා 2023 [4]

2014 පසු ශ්‍රී ලංකා ක්‍රිකට්

කුමාර් සංගක්කාර
කුමාර් සංගක්කාර
මහේල ජයවර්ධන
මහේල ජයවර්ධන

2014 වසරේ ICC ලෝක කුසලාන විස්සයි20 කිරුළ දිනීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී දැක්වූ දස්කම් අස්ථාවර වී ඇත. ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් රටවල් සමඟ තරඟ සහ තරඟාවලි ජයග්‍රහණය කිරීමට අසීරු විය. ඔවුන් ක්‍රීඩකයින්, නායකයින් සහ පුහුණුකරුවන් කිහිප දෙනෙකු උත්සාහ කර ඇතත් ඔවුන්ගේ ගැටලුවලට විසඳුමක් සොයාගත නොහැකි විය. කණ්ඩායම ආබාධවලට ලක්ව ඇති අතර විනය ගැටලු ද ඇති වී තිබේ. 2019 දී ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ එක් ටෙස්ට් තරගයකින් පරාජයට පත් වූ අතර එය ඔවුන්ට විශාල පසුබෑමක් විය. කෙසේ වෙතත්, 2019 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරඟාවලිය ජයග්‍රහණය කිරීම සහ 2018 වසරේ බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලිය ජයග්‍රහණය කිරීම වැනි දීප්තිමත් අවස්ථා කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට උදාවී ඇත. පොරොන්දුව දුන් වනිඳු හසරංග. සමස්තයක් ලෙස ගත් කල, ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත ගොඩනැංවීමේ අදියරක් පසුකරමින් සිටින අතර ඔවුන්ගේ ස්වරූපය සහ ස්ථාවරත්වය නැවත ලබා ගැනීමට ඔවුන්ට කිරීමට බොහෝ වැඩ තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන

වර්ෂ 1981 දී ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමිවීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක එංගලන්ත ක්‍රිකට් කණඩායම අතර 1982 දී පැවති ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟය කොළඹ පී. සරවනමුත්තු ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විය. එම සංචාරයේදීම කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකාවේ පැවති ප්‍රථම එක්දින ජ්‍යාත්යන්තර තරඟය පවත්වන ලදී. කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ශ්‍රී ලංකාවේ පළමු දිවා රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්විය හැකි ක්‍රීඩාංගනය වේ.

ජයග්‍රහණයන්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය

අයි. සී. සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය
  • පස්වන ස්ථානය - 2021-23 ශූරතාවලිය

අයි. සී. සී. එක්දින ලෝක කුසලානය

  • ශූරතාවය (1) - 1996
  • අනුශූරතාවය (2) - 2007, 2011
  • අවසන් පූර්ව වටය (1) - 2003

අයි. සී. සී. ශූරයන්ගේ කුසලානය

  • සම ශූරතාවය (1) - 2002
  • අවසන් පූර්ව වටය (2) - 1998, 2013

අයි. සී. සී. විස්සයි 20 ලෝක කුසලානය

  • ශූරතාවය (1) - 2014
  • අනුශූරතාවය (2) - 2009, 2012
  • අවසන් පූර්ව වටය (1) - 2010

ආසියානු ක්‍රිකට් කවුන්සිලය

ආසියානු ටෙස්ට් ශූරතාවලිය

  • ශූරතාවය (1) - 2001-02
  • අනුශූරතාවය (1) - 1998-99

ආසියා කුසලානය

  • ශූරතාවය (6) - 1986, 1997, 2004, 2008, 2014, 2022
  • අනුශූරතාවය (7) - 1984, 1988, 1990-91, 1995, 2000, 2010, 2023

කණ්ඩායම් වාර්තා

ටෙස්ට් තරඟ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද වන විට සියළුම ටෙස්ට් තත්වය පිරිනමාඇති කණ්ඩායම් සමඟ ක්‍රීඩා කර ඇති අතර පහතින් දක්වා ඇත්තේ එහි සාරාංශයයි.

# ප්‍රතිවාදීන් තරඟ ගණන ජයග්‍රහණයන් පරාජයන් සමවීම් ජය පැරදුමින් තොර
1  ඇෆ්ගනිස්තානය 1 1 0 0 0
2  ඕස්ට්‍රේලියාව 33 5 20 0 8
3  බංග්ලාදේශය 26 20 1 0 5
4  එංගලන්තය 36 8 17 0 11
5  ඉන්දියාව 46 7 22 0 17
6  අයර්ලන්තය 2 2 0 0 0
7  නවසීලන්තය 38 9 18 0 11
8  පාකිස්ථානය 59 17 23 0 19
9  දකුණු අප්‍රිකාව 31 9 16 0 6
10  බටහිර ඉන්දීය කොදෙව් 24 11 4 0 9
11  සිම්බාබ්වේ 20 14 0 0 6
අවසන් යාවත්කාල කිරීම - ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟය 2024 මාර්තු 30 - අප්‍රියෙල් 3

කණ්ඩායම් වාර්තා

ඉනිමක ඉහලම ලකුණු
# ලකුණු සංඛ්යාව ප්‍රතිවාදීන් ක්‍රීඩාංගනය දිනය ටෙස්ට් තරඟ අංකය
1 952/6d  ඉන්දියාව ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය, කොළඹ 1997 අගෝස්තු 2 1374
2 760/7d  ඉන්දියාව සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය, අහමදාබාද් 2009 නොවැම්බර් 16 1933
3 756/5d  දකුණු අප්‍රිකාව සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය, කොළඹ 2006 ජූලි 27 1810
  • ලකුණු 952/6 ඕනෑම කණ්ඩායමක් ඉනිමකදී රැස්කර ඇති ඉහලම ලකුණු සංඛ්‍යාවයි.
ඉනිමක අඩුම ලකුණු
# ලකුණු සංඛ්යාව ප්‍රතිවාදීන් ක්‍රීඩාංගනය දිනය ටෙස්ට් තරඟ අංකය
1 71  පාකිස්ථානය අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර 1994 අගෝස්තු 26 1267
2 73  පාකිස්ථානය අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර 2006 අප්‍රියෙල් 3 1796
3 81  එංගලන්තය සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය, කොළඹ 2001 මාර්තු 15 1537

පුද්ගලික වාර්තා

වැඩිම ලකුණු
# ලකුණු ගනන ක්‍රීඩකයා තරඟ ගණන ඉනිම ගණන ලකුණු සාමාන්‍ය ශතක ගනන අර්ධ ශතක ගනන
1 12400 කුමාර් සංගක්කාර 134 233 57.40 38 52
2 11814 මහේල ජයවර්ධන 149 252 49.84 34 50
3 7608 ඇන්ජලෝ මැතිව්ස් 109 193 45.55 16 41
වැඩිම කඩුළු
# කඩුළු ගනන ක්‍රීඩකයා තරඟ ගණන ඉනිම ගණන කඩුළු ලබාගැනීමේ සාමාන්‍ය ඉනිමක කඩුළු 5 තරඟයක කඩුළු 10
1 800 මුත්තයියා මුරලිදරන් 133 230 22.72 67 22
2 433 රංගන හේරත් 93 170 28.07 34 09
3 355 චමින්ද වාස් 111 194 29.58 12 2
  1. https://www.icc-cricket.com/hall-of-fame/hall-of-famers/hall-of-famer-muttiah-muralitharan
  2. https://www.icc-cricket.com/hall-of-fame/hall-of-famers/hall-of-famer-mahela-jayawardena
  3. https://www.icc-cricket.com/hall-of-fame/hall-of-famers/hall-of-famer-kumar-sangakkara
  4. https://www.icc-cricket.com/hall-of-fame/hall-of-famers/hall-of-famer-aravinda-de-silva