Jump to content

වේගය

විකිපීඩියා වෙතින්
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව

නිව්ටන්ගේ දෙවැනි නියමය
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය · සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි දින රේඛාව

වේගය යනු යම් වස්තුවක ප්‍රවේගයෙහි ප්‍රමාණාත්මක අගයයි. එබැවින් වේගය ප්‍රවේගය මෙන් දෛශික රාශියක් නොව අදිශ රාශියකි. යම් වස්තුවක් ගමන් කළ දුර, එම දුර ගමන් කිරීමට ගත වූ කාලයෙන් බෙදූ විට එම වස්තුවේ සාමාන්‍ය වේගය ලැබේ.

ප්‍රවේගය මෙන් ම වේගයෙහි ද මාන ලැබෙන්නේ දුරෙහි මාන කාලයේ මානයෙන් බෙදූ විට ය. වේගයෙහි ජාත්‍යන්තර සම්මත ඒකකය තත්පරයට මීටර වෙයි. කෙසේ වෙතත් සාමාන්‍ය ව්‍යවහාරයෙහි දී පැයට කිලෝමීටර, පැයට සැතපුම් මෙන් ම නාවුක සහ ගගන යාත්‍රික ක්ෂේත්‍ර වල දී නොට් යන ඒකක භාවිතා වේ.

විශේෂ සාපේක්ෂතාවාදයට අනුව ශක්තිය හෝ තොරතුරු ගමන් කල හැකි උපරිම වේගය වනුයේ ආලෝකයේ වේගය වන තත්පරයට මීටර 299,792,458 වේගයකින් රික්තයක් තුල ය. මෙම වේගය ආසන්න වශයෙන් පැයට කිලෝමීටර මිලියන 1079ක් හෝ පැයට සැතපුම් මිලියන 671ක් පමණ වේ. පදාර්ථයට මෙම වේගය ලඟා කරගත නොහැක්කේ එසේ කිරීමට අනන්ත ශක්තියක් අවශ්‍ය වන නිසා ය.ආලොකයෙ ප්‍රවේගය ලෙසද ප්‍රවෙග ඇත.

   වේගය සාමාන්‍යයෙන් මනින්නේ පැයට කිලෝමීටර ඒකකයෙන්ය.[kmph]

අන්තර්ජාතික ඒකකය වන්නේ තත්පරයට මීටර වේ.[m/s]

"https://si.chped.com/w/index.php?title=වේගය&oldid=560187" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි