Jump to content

බැටළුවෝ

විකිපීඩියා වෙතින්
ගෘහස්ත බැටළුවා
ඩුබෝයිස්, අයිඩහෝ අසල එ.ජ. බැටළු පර්යේෂණ ස්ථානයෙහි පර්යේෂණ රංචුවක්
ගෘහස්ථකරණය කළ
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: කෝඩේටා
වර්ගය: කෝඩේටා
ගෝත්‍රය: ආටියාඩක්ටිලා
කුලය: බොවිඩී
උපකුලය: කැප්රිනී
ගණය: 'ඕවිස්'
විශේෂය: ඕ. ඒරීස්
ද්වීපද නාමය
ඕවිස් ඒරීස්
ලිනියස්, 1758

බැටළුවෝ ( ඕවිස් ඒරීස්) වනාහී චතුෂ්පාදී, රෝමන්ථක ක්ෂීරපායියෝ වන අතර සාමාන්‍යයෙන් ඇති කරන සතුන් ලෙසින් භාවිතා වෙති. සමස්ත රෝමන්ථකයන් ලෙසින්, බැටළුවන්ද ආටියාඩක්ටිලා ගෝත්‍රයට අයත්, ඒකාකාර-පාඟැලි සහිත සඛුරයෝ වෙති. ඕවිස් ගණයෙහි බොහෝ විශේෂයන් හට "බැටළුවා" යන නම යෙදුනද, එදිනෙදා භාවිතයෙහිදී එය බොහෝ විට පාහේ භාවිතා වන්නේ ඕවිස් ඒරීස් සඳහාය. එක් බිලියනයකට මදක් වැඩි සංඛ්‍යාවක් සහිත ගෘහස්ත බැටළුවා, බැටළු විශේෂ අතුරින් වඩාත් බහුල්‍ය විශේෂය වෙයි. පිරිමි බැටළුවා හැඳින්වෙන්නේ බැටළුවා ලෙසින් වන අතර, ගැහැණු බැටළුවා බැටළු දෙන ලෙසින් හැඳින්වෙයි.

යුරෝපියානු සහ ආසියානු වල් මුෆ්ලොං වෙතින්, බැටළුවා පැවත එන බවට බොහෝ ලෙසින් අනුමාන කෙරෙයි. කෘෂිකාර්මික කටයුතු සඳහා හීලෑ කරන ලද ආදිතම සතුන්ගෙන් එකෙකු වන බැටළුවා, ඇතිකරනු ලබන්නේ අමු ලොම්, මස් (බැටළු පැටවුන්ගේ මස්, තරුණ බැටළු මස් හෝ මහළු බැටළු මස්) සහ කිරි සඳහාය. බැටළුවෙකුගේ ලොම් වනාහි වැඩියෙන්ම භාවිතා වන්නාවූ සත්ත්ව තන්තු වන අතර, සාමාන්‍යයෙන් නෙලා ගැනෙනුයේ ලොම් කැපීම මගිනි. ලාබාල බැටළුවන්ගේ මස් හැඳින්වෙන්නේ බැටළු පැටවුන්ගේ මස් ලෙසින් වන අතර වියපත් බැටළුවන්ගේ මස් මහළු බැටළු මස් ලෙසිනි. වර්තමානයෙහිද ලොම් සහ මස් සඳහා බැටළුවන් වැදගත් වන අතර, විරල ලෙසින් සත්ත්ව හම් උදෙසාද, කිරි ලබා දෙන සතුන් ලෙසින් හෝ, විද්‍යාව සඳහා ආදර්ශක ජීවීන් ලෙසින්ද ඇති කරනු ලබති.

ජනාවාසී ලෝකයේ බොහෝ කොටස්වල බැටළු සත්ත්ව පාලනය සිදු කෙරෙන අතර, බොහෝ ශිෂ්ඨාචාරයන් ඇතිවීමට මූලික ලෙසින් ක්‍රියාකර ඇත. නූතන යුගයෙහිදී, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු සහ මධ්‍යම දකුණු ඇමරිකානු දේශයන් සහ, බ්‍රිතාන්‍ය දිවයින් යන රටවල්, බැටළුවන් ආශ්‍රිත නිෂ්පාදිත හා කිට්ටුවෙන් බැඳී සිටිති.

"https://si.chped.com/w/index.php?title=බැටළුවෝ&oldid=296689" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි