Jump to content

බර්තොලමිව් අපෝස්තුළුතුමා

විකිපීඩියා වෙතින්
බර්තොලමිව් අපෝස්තුළුතුමා
ලාක්ෂනික ගුණාංගඔහුගේ නම සෑම විටම ශුභාරංචියේ සඳහන් වන්නේ ඔහුත් සමග වන අතර බර්තොලමිව් ජේසුස් වහන්සේ හමුවට ගෙන ආවේ පිලිප් විසිනි
අනුග්‍රාහකත්වයආර්මේනියාව පොත් බඳින්නෝ, මස් කරුවෝ, සපතේරුවෝ, ෆ්ලොරන්ටයින් චීස් වෙලෙන්දෝ, ෆ්ලොරන්ටයින් ලූණු වෙලෙන්දෝ, ඉතාලිය, සම් පදම් කරුවෝ, ස්නායු ආබාධ

බර්තොලමෙව් ජේසුස් වහන්සේගේ අපෝස්තුලූවරු දොලොස් දෙනාගෙන් කෙනෙකි. බර්තොලමිව් යන නම ආර්මේනියානු බාර්-ටොලමි යන්නෙන් බිඳී එන අතර එහි අර්ථය ටොලමිගේ පුත‍්‍ර හෝ සී සාන්නා ගේ පුත‍්‍ර වශයෙන් විය හැක. මෙම අර්ථයට අනුව බොහෝ දෙනා මෙම නම පවුලේ පොදු නමක් විනා පෞද්ගලික නම ලෙස නොසලකති.

ශාන්ත බර්තොලමිව් සැමරුම බටහිර සභාව අගෝසතු 24 ත් පෙරදිග සභාව ජූලි 11 ත් සිදුකරති. ආර්මේනියානු අපෝස්තලික සභාව ශාන්ත බර්තොලමිව් සහ ශාන්ත තඩියස් තම අනුග‍්‍රහක ශාන්තුවරු ලෙස සලකයි. බර්තොලමිව් සැමරුම් උළෙල සාම්ප‍්‍රදායිකව සල්පිල් සහ වෙළඳ සැනකෙලි සඳහා අවස්තාවක් විය. බෙන් ජොන්සන් ගේ බර්තොලමිව් සල්පිල නාට්‍යය මේ අනුසාරයෙන් තැනුන කි.