Jump to content

ජෝධා අක්බර් (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
ජෝධා අක්බර්
ජෝධා අක්බර් ප්‍රවර්ධන රුවක්
ප්‍රභේදයඓතිහාසික නාට්‍ය
තැනුවේඒක්තා කපූර්
ප්‍රවර්ධනය කලේබාලාජි ටෙලිෆිල්ම්ස්
රචනය කලේකථාව සහ තිරරචනය
ආර් එම් ජෝෂි
බිනිතා දේසායි
මනිෂ් පාලිවාල්
කිර්තිදා ගෞතම්
නේහා පන්ජ්වානි
මයුරි රෝයි චෝධරි
අංකුෂ් නාග්පාල්
දෙබස්
ධීරාජ් සර්නා
පර්යේෂණය, පද සහ උපදේශනය
ආචාර්ය. බෝධිසත්ත්ව
අධ්‍යක්ෂණය කලේසන්ත්‍රම් වර්මා, රංජන් සිං, විකි චෞහාන්
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)ෂාලු
ප්‍රියා සතිෂ් සාහ්නි
මොහම්මද් අදිල්
රඟපෑමරජත් තොකාස්
පරිධි ෂර්මා
තේමා සංගීත නිර්මාණකරුලලිත් සේන්
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
උර්දු
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන566[1]
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)ඒක්තා කපූර්
ශෝභා කපූර්
සංස්කාරක(යන්)විකාස් ෂර්මා
විශාල් ෂර්මා
සංදීප් භාට්
ස්ථානය(න්)ජායිපූර්
කර්ජාට්
කොහ්ලාපූර්
සිනෙමාරූපණයසංතෝෂ් සූර්යවංශි
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න වශයෙන් මිනිත්තු 24
නිෂ්පාදන සමාගමබාලාජි ටෙලිෆිල්ම්ස්
ප්‍රචාරණය
මුල් නාලිකාවසී ටීවී
රූප ආකෘතිය576i (SDTV)
1080i (HDTV)
මුල් ධාවනය18 ජූනි 2013 – 07 අගෝස්තු 2015
බාහිර සබැඳි
වෙබ් අඩවිය
නිෂ්පාදන වෙබ් අඩවිය

ජෝධා අක්බර් යනු සී ටීවී නාළිකාව ඔස්සේ විකාශය වූ ඉන්දියානු ඓතිහාසික කතාමාලාවකි. 2013 ජූනි 18 දින විකාශය ඇරඹි මෙය සඳදා සිට සිකුරාදා දක්වා සවස් කාලයේ විකාශය කෙරිණි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ ඒක්තා කපූර් විසින් බාලාජි ටෙලිෆිල්ම්ස් යන සන්නාමය යටතේය. රජත් තොකාස් සහ පරිධි ෂර්මා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. වර්තමානයේ සී අන්මොල් ඔස්සේ එහි නැවත විකාශය සිදුවුවද, නව කතාමාලා අභිබවා ඉහළම නාට්‍ය 5 තුළ රැඳීසිටීමට එය තවමත් සමත් වී ඇත.

කථා සාරාංශය[සංස්කරණය]

වීරකථාවක් වන ජෝධා අක්බර් කතාමාලාව දහසයවන සියවසේ මෝගල් අධිරාජයකු වූ අක්බර් සහ රාජ්පුත් කුමරියක වූ ජෝධා බායි අතර සිදු වූ දේශපාලන විවාහය තේමාකොට නිමැවුණකි. ‍ඔවුන්ගේ දේශපාලන විවාහය ක්‍රමයෙන් ආදරයක් බවට පෙරළෙන අයුරුත්, ඉන් මුළු මහත් ඉන්දියාවේම සිදු වූ වෙනස්කම් ද මෙමගින් නිරූපිත ය. ඉන්දියාවේ මෝගල්වරුන් සහ රාජ්පුත්වරුන් අතර පැවති සම්බන්ධතා මෙන්ම ඓතිහාසික යුද්ධ පවා මෙම කතාමාලාව තුළ අන්තර්ගතය. අක්බර් සහ ජෝධා බායිගේ ප්‍රේම වෘත්තාන්තයට පසුබිමින් රැජිණියන්, මාලිගා, නගරශෝභිනියන්, සහ අමාත්‍යවරුන්ගේ පුවත් ද දිවෙයි. එසේම ජලාලුද්දීන් අධිරාජයා ජනතාවගෙන් අක්බර් යන නාමය හිමිකරගත් අයුරු ද මෙම කතාමාලාව මගින් වටහාගත හැක.

චරිත නිරූපණය[සංස්කරණය]

2

ඓතිහාසික නිරවද්‍යතාව[සංස්කරණය]

මෙම කතාමාලාවේ නිරූපිත බොහෝ සිදුවීම් සත්‍ය සිදුවීම් පාදක කරගත් ඒවායි. ‍ජෝධා සහ අක්බර් විවාහ නොවූ බවට ඇතැම් වාර්තාවල සඳහන් බැවින්, ඇතැම් රාජ්පුත් කණ්ඩායම් ප්‍රකාශ කළේ ජෝධා විවාහ වූයේ අක්බාර් සමග නොව, අක්බාර්ගේ පුත් ජහාන්ගිර් සමග බවයි. ඔවුහු මෙම කතාමාලාව සහ සෝනි ටීවී නාළිකාව ඔස්සේ විකාශය වූ තවත් ඓතිහාසික කතාමාලාවක් වූ භාරත් කා වීර් පුත්‍ර - මහාරාණා ප්‍රතාප් යන කතාමාලා ද්විත්වයට විරෝධය පලකළහ.[3] රාජ්පුත් ප්‍රජාවේ සාමාජිකයින් විසින් මෙම කතාමාලාවේ තේමාව ද විවේචනයට ලක්කළේ එය වැරදි වැටහීමක් ඇතිකරන බව පවසමිනි. රාජස්ථාන්හි පැවති එක් විරෝධතාවක දී, ඔවුන් ප්‍රකාශ කළේ මෙහි නම වෙනස් නොකළහොත් බාලාජි ටෙලිෆිල්ම්ස් ආයතනයේ කිසිදු චිත්‍රපටයක් සිය ප්‍රාන්තය තුළ මුදාහැරීමට අවසර නොදෙන බව පවසමිනි.[3] ඒක්තා කපූර් පැවසූයේ, "මා හැමවිටම විශ්වාස කරන්නේ එය 20%ක් ඉතිහාසය බවත්, අනෙක් 80% ජනප්‍රවාද බවයි" යනුවෙනි.[4]

නිෂ්පාදනය[සංස්කරණය]

ජෝධා අක්බර් රූගත කිරීම් අතරතුර රජත් තොකාස්; ND ස්ටූඩියෝස්, කර්ජාට්.

මෙම කතාමාලාවේ නිෂ්පාදිකාව වූ ඒක්තා කපූර් ආභාසය ලැබූයේ බොලිවුඩයේ අශුතෝෂ් ගෝවාරිකර් විසින් අධ්‍යක්ෂණය කළ 2009 පුළුල් තිර චිත්‍රපටයක් වූ ජෝධා අක්බර් සිනමාපටය මගිනි.[5][6]

මීට පෙර ඒක්තා කපූර් සමග තේරේ ලියේ නැමැති සෝප් ඔපෙරාවේ කටයුතු කළ රජත් තෝකාස් නම් රංගන ශිල්පියා මෙහි ප්‍රධාන චරිතයක් වන අක්බර් රජුගේ චරිතය සඳහා තෝරාගැනිණි.[7][8]

මෙහි එන ජෝධා දේවියගේ චරිතය සඳහා නිළියක තෝරාගැනීමට ඒක්තා කපූර්ට රටපුරා තිර පරීක්ෂණ 7000ක් පවත්වන්නට සිදු වූ අතර, පසුව ඒ සඳහා පරිධි ෂර්මා තෝරාගැනිණි.[9]

අක්බාර්ගේ ප්‍රධාන භාරකාරිණිය සහ ආරක්ෂිකාව වූ මහම් අංගාගේ චරිතය සඳහා අශ්විනි කල්සේකාර් තෝරාගැනිණි.[10]

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මානය ප්‍රවර්ගය යෝජිත පුද්ගලයා ප්‍රතිඵලය
2013 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන හොඳම ඓතිහාසික/මිත්‍යා වැඩසටහන ඒක්තා කපූර් දිනාගති[11]
ඍණාත්මක චරිතයක හොඳම නළුවා චේතන් හංස්රාජ් දිනාගති[11]
ඍණාත්මක චරිතයක හොඳම නිළිය අශ්විනි කල්සේකාර්
හොඳම කලා අධ්‍යක්ෂණය සංදේශ් සහ විශ්වනාත්
හොඳම ඇඳුම් නිධි යාෂා
හොඳම නළුවා (නාට්‍ය) රජත් තෝකාස්
සී රිෂ්තේ සම්මාන ප්‍රියතම ධාරාවහික් ඒක්තා කපූර් දිනාගති[12]
ප්‍රියතම ඛාල්නායක් (පිරිමි) චේතන් හංස්රාජ්
ප්‍රියතම නායි ජෝඩි රජත් තෝකාස් සහ පරිධි ෂර්මා
ප්‍රියතම ජනප්‍රිය මුහුණ (පිරිමි) රජත් තෝකාස්
හොඳම තිරරචනය ආර්. රම්. ජෝෂි
බිග් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස් බිග් ස්ටාර් වඩාත් වින්දනීය රූපවාහිනී වැඩසටහන (ප්‍රබන්ධ) ඒක්තා කපූර් දිනාගති[13]
බිග් ස්ටාර් වඩාත් වින්දනීය රූපවාහිනී නළුවා රජත් තෝකාස්
2014 ස්ටාර් ගිල්ඩ් සම්මාන හොඳම ඓතිහාසික කතාමාලාව ඒක්තා කපූර් දිනාගති[14]
හොඳම අධ්‍යක්ෂක (ප්‍රබන්ධ) සන්ත්‍රම් වර්මා
ප්‍රධාන චරිතයක හොඳම නළුවා රජත් තෝකාස්
7වන බොරෝප්ලස් ගෝල්ඩ් අවෝඩ්ස් ඍණාත්මක චරිතයක හොඳම නිළිය (විචාරක) අශ්විනි කල්සේකාර් දිනාගති[15]
ඍණාත්මක චරිතයක හොඳම නළුවා (විචාරක) චේතන් හංස්රාජ්
සහායක චරිතයක හොඳම නිළිය (විචාරක) ලවිනා ටන්ඩන්
හොඳම නැවුම් නව මුහුණ (කාන්තා) පරිධි ෂර්මා
ප්‍රධාන චරිතයක හොඳම නළුවා (විචාරක) රජත් තෝකාස්
වසරේ හොඳම රූපවාහිනී වැඩසටහන (ප්‍රබන්ධ) ඒක්තා කපූර්
ඉන්දියානු ටෙල්ලි සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නිළිය අශ්විනි කල්සේකාර් දිනාගති[16]
හොඳම නැවුම් නවක මුහුණ (කාන්තා) පරිධි ෂර්මා
ප්‍රධාන චරිතයක හොඳම නළුවා රජත් තෝකාස්
හොඳම වෘන්දීය නළුපෙළ ඒක්තා කපූර්
හොඳම ඓතිහාසික කතාමාලාව ඒක්තා කපූර්
සී රිෂ්තේ සම්මාන ප්‍රියතම ධාරාවහික් ඒක්තා කපූර් දිනාගති[17]
ප්‍රියතම ජෝඩි රජත් තෝකාස් සහ පරිධි ෂර්මා
ප්‍රියතම බාල් කිර්දාර් අයාන් ජුබායිර් රහ්මනි
හොඳම තිරරචනය ආර්. එම්. ජෝෂි
2015 ස්ටාර් ගිල්ඩ් සම්මාන හොඳම ඉදිරියට යන මාලා නාට්‍යය ඒක්තා කපූර් දිනාගති[18]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. එපිසෝඩ් ගයිඩ්:ජොධා අක්බර්|සී ටීවී
  2. නව්, ජනාත්’ස් යංගර් බ්‍රදර් ටු ප්ලේ සලිම් ඉන් හිස්ටොරිකල් ෂෝ
  3. 3.0 3.1 "පොටෙස්ට්ස් අගේන්ස්ට් ඒක්තා කපූර්'ස් ජෝධා අක්බර්".
  4. අයි හෑව් ස්ලීප්ලස් නටිය්ස් බිකෝස් ඔෆ් ජෝධා අක්බර්: ඒක්තා කපූර්, http://articles.timesofindia.indiatimes.com/2013-06-07/tv/39789197_1_jodha-akbar-ekta-kapoor-jet-lag, ප්‍රතිෂ්ඨාපනය 2016-11-19 
  5. ඒක්තා ටු ප්‍රොඩියුස් ජෝධා අක්බර් ඔන් ද ලයින්ස් ඔෆ් 2009 හිට් ෆිල්ම් ජෝධා අක්බර්, http://www.hindustantimes.com/Entertainment/Television/After-film-Jodha-Akbar-saga-now-a-TV-show/Article1-844836.aspx, ප්‍රතිෂ්ඨාපනය 2016-11-19 
  6. ඒක්තා කම්ස් විත් ජෝධා අක්බර් ෆෝ ටීවී, http://www.in.com/news/tv/ekta-kapoor-comes-up-with-jodha-akbar-50220746-in-1.html, ප්‍රතිෂ්ඨාපනය 2016-11-19 
  7. රජත් තෝකාස් ඊස් ඒක්තා කපූර්'ස් අක්බර්
  8. රජත් තෝකාස් ටු ප්ලේ අක්බර් ඉන් ඒක්තා'ස් ජෝධා අක්බර්
  9. දැට්'ස් නොට් මයි ජෝධා: ඒක්තා කපූර්
  10. අශ්විනි ඈස් මහම් අංගා ඉන් ඒක්තා'ස් ජෝධා අක්බර්, http://articles.timesofindia.indiatimes.com/2012-10-05/tv/34278343_1_ashwini-kalsekar-afsar-bitiya-emperor-akbar, ප්‍රතිෂ්ඨාපනය 2016-11-19 
  11. 11.0 11.1 විනර්ස් ඇන්ඩ් නොමිනීස් ඔෆ් ඉන්ඩියන් ටෙලිවිෂන් ඇකඩමි අවෝඩ්ස්, 2013, http://www.indiantelevisionacademy.com/site/awards_hhita_details_new.php?year=2013, ප්‍රතිෂ්ඨාපනය 2016-11-19 
  12. විනර්ස් ඇන්ඩ් නොමිනීස් ඔෆ් සී රිස්තේ අවෝඩ්ස් 2013, http://www.firstreporter.org/zee-rishtey-awards-zra-2013-winners-list-exclusive-photos/, ප්‍රතිෂ්ඨාපනය 2016-11-19 
  13. නොමිනීස් ඔෆ් බිග් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස් 2013
  14. විනර්ස් ඔෆ් 9ත් රෙනෝල්ට් ස්ටාර් ගිල්ඩ් අවෝඩ්ස්
  15. විනර්ස් ලිස්ට්: බොරෝප්ලස් ගෝල්ජ් අවෝඩ්ස්, 2014
  16. විනර්ස් ඔෆ් 13ත් ඉන්ඩියන් ටෙලි අවෝඩ්ස්, 2014, http://tellyawards.indiantelevision.com/tellyawards/nominees/winners, ප්‍රතිෂ්ඨාපනය 2016-11-19 
  17. විනර්ස් ඇන්ඩ් නොමිනීස් ඔෆ් සී රිෂ්තේ අවෝඩ්ස් 2014
  18. විනර්ස් ඔෆ් 10ත් රෙනෝල්ට් ස්ටාර් ගිල්ඩ් අවෝඩ්ස්

බාහිර සබැඳි[සංස්කරණය]